නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනයට අනුව, දිවා කාලයේදී ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් තාප දර්ශකය (Heat index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇත. මේ හේතුවෙන් සජලව සිටින ලෙසත්, හැකි සෑම විටම සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත්, දවසේ උණුසුම්ම කාලය තුළ වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.














