පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් නිසි ප්‍රමිතියෙන් තොර නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝ ග්‍රෑම් 1,090ක තොගයක් කෙරවළපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී විනාශ කර තිබේ.
අදාළ ඖෂධ තොගය විනාශ කිරීම සඳහා දැරූ සම්පූර්ණ පිරිවැය ද අදාළ ඖෂධ නිෂ්පාදකයාගෙන් අය කරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර ඇත.














