ඉඩම් කළමනාකරණය කාර්යක්ෂම කිරීම සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, වර්ෂ 1800 සිට දෘඪ පිටපත් ලෙස පවතින ඉතිරි ඉඩම් කැබලි මිලියන 3.5ක තොරතුරු අංකිතකරණය කර ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.ශ්‍රී ලංකාව තුළ ඉඩම් කැබලි මිලියන 16ක් පමණ පවතින බව ඇස්තමේන්තු කර ඇත. ඉන් ඉඩම් කැබලි මිලියන 6ක් පමණ මේ වන විට මැනුම් කර තිබේ. මැනුම් කරන ලද ඉඩම් කැබලි මිලියන 6න්, මිලියන 2.5ක පමණ තොරතුරු දැනටමත් අංකිත තත්ත්වයෙන් පවතියි. එම අංකිත දත්ත දැනටමත් ඉඩම් තොරතුරු පද්ධතියකට ඇතුළත් කර ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කර තිබේ.















