පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සමේ පිළිකා ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බැවින්, දහවල් කාලයේදී සෘජුව හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙස කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් මහත්මිය ජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන්ම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ හිරු එළියෙන් හැකිතාක් ආවරණය වී සිටීම වැදගත් බව ඇය අවධාරණය කළාය.
ගෝලීය පිළිකා දැනුවත් කිරීමේ මාසය සහ පිළිකා රෝගීන් පුනරුත්ථාපන සේවා වැඩසටහන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 35,000ක් පමණ අලුතින් හඳුනාගන්නා බවයි. එයින් කාන්තාවන් 15,000ක් සහ පිරිමින් 20,000ක් පමණ වන අතර, සාමාන්‍යයෙන් දිනකට පිළිකා රෝගීන් 100ක් පමණ මෙරටින් වාර්තා වන බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.














