දිවයිනේ පළාත් කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (07) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (08) දිනය සඳහා ද වලංගු වේ.සබරගමුව, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ශරීරයට සිදුවන බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් එළිමහනේ වැඩ කරන අවස්ථාවලදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.














