ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS Giuseppe Garibaldi’ නමැති හෙලිකොප්ටර් යානා රැගෙන යන යුද නෞකාව (Landing Helicopter Aircraft Vessel) සැපයුම් ලබාගැනීමේ නිල සංචාරයක් (Replenishment visit) සඳහා කොළඹ වරායට සපැමිණ තිබේ.
කොළඹ වරායට සපැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික පාරම්පරික චාරිත්‍රානුකූලව පිළිගනු ලැබීය. මීටර් 180ක් දිගැති මෙම ප්‍රබල නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කැප්ටන් මාර්කෝ ගුවේරියෙරෝ (Captain Marco Guerriero) කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ අණදෙන නිලධාරියා බටහිර නාවික විධාන භාර ආඥාපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට ද නියමිතව ඇත.














