නේපාලයේ සිදුවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇමෙරිකානු ඩොලර් මිලියනයක (US$ 1 million) මූල්‍යමය මානුෂීය ආධාර ප්රදානය කර තිබේ. මෙම අසීරු අවස්ථාවේදී ලබාදුන් අත්‍යවශ්‍ය සහ සහනදායී සහයෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) මහතා සිය නිල X (පැරණි ට්විටර්) ගිණුම (@MAFrancheUN) ඔස්සේ ප්‍රසිද්ධියේ කෘතඥතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාව ද අතීතයේදී විවිධ ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දී අනුන්ගේ කරුණාව අත්විඳි රටක් වන බැවින්, අසල්වැසි රටකට මෙලෙස උපකාර කිරීමේ වැදගත්කම මනාව වටහාගෙන ඇති බව පෙන්වා දී ඇති ඒ මහතා, මෙය “දකුණු-දකුණු සහයෝගීතාවයේ” (South-South solidarity) උතුම්ම ආදර්ශයක් ලෙසද අගය කර තිබේ.














