අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය නියෝජනය කරමින් ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාතික අධ්යාපන සැලසුම් සහ පරිපාලන ආයතනයේ (NIEPA) විශේෂිත පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහනක් සාර්ථකව නිම කර තිබේ.
ඔක්තෝබර් 05 සිට 16 දක්වා පැවති මෙම පුහුණු වැඩසටහන යටතේ, අධ්යාපන ප්රතිපත්ති සැකසීම සහ ක්රියාත්මක කිරීම, නායකත්වය සහ ආයතනික කළමනාකරණය, පාසල් අධීක්ෂණය සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්ර පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා දී ඇත. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ ශ්රී ලංකා සංචාරයකදී ඇති කරගත් එකඟතාවකට අනුව, ශ්රී ලංකාවේ වෘත්තිකයන් සඳහා වාර්ෂිකව අභිරුචිකරණය කරන ලද පුහුණු අවස්ථා 700ක් ලබා දීමේ වැඩසටහන යටතේ මෙම පිරිස පුහුණුව ලබා ඇති අතර, මෙරට සිවිල් සේවකයන් සඳහා ක්රියාත්මක වෙනත් වැඩසටහන් ද සමඟින් ඉන්දියාවේ මෙම ධාරිතා වර්ධන ප්රයත්නයන් හරහා වාර්ෂිකව ශ්රී ලාංකිකයන් 1,000කට වැඩි පිරිසකට ප්රතිලාභ සැලසේ.














