රටේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති නියං තත්ත්වය දුරු කිරීමේ අරමුණින් වැහි පිරිත සජ්ජායනය අද (02) ආරම්භ වන බව නාරාහේන්පිට අභයාරාමය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
ඒ අනුව අද රාත්‍රී 7.30ට නාරාහේන්පිට අභයාරාමය පුරාණ විහාරස්ථානයේදී මෙම පිරිත සජ්ජායනා කිරීමට නියමිත අතර, රටට සෙත් පතා දවසේ පැය 24 පුරා ලක්ෂවාරයක් මෙම පිරිත සජ්ජායනා කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේ සඳහන් කර ඇත. මීට පෙර වසරවලදීද රටට නියං තත්ත්වයක් ඇති වූ විට මෙම පිරිත සජ්ජායනය කිරීමෙන් පසු උපරිම ප්‍රතිඵල ලැබුණු බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














