ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් සාපරාධී ලෙස වගකීම් පැහැර හැරියේය යන චෝදනාව මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) දහවල් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
චෝදනා 855ක් යටතේ ගොනු කර තිබූ මෙම නඩුවේදී, මීට පෙර 2022 වසරේදී විත්තිවාචක කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු මඩුල්ලක් කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයක් සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නිදහස් කිරීම බලරහිත කරමින් යළි විත්තිවාචක කැඳවන ලෙස නියෝග කරන ලදී. ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත් වේ.














