අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ “19th Century Views of Ceylon” චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ජූලි 30 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.
වෙස්ට්මින්ස්ටර් හවුස්හි මහජනතාව සඳහා පැවැත්වෙන ප්‍රථම කලා ප්‍රදර්ශනය ලෙස මෙම අවස්ථාව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහිදී 19 වැනි සියවසේ ශ්‍රී ලංකාව නිරූපණය කරන ලද එඩ්වඩ් ලියර්, ඇන්ඩෲ නිකොල් සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමිං වැනි සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන්ගේ දුර්ලභ සිතුවම් එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දිගුකාලීන සංස්කෘතික හා ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මලක තල්වත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.














