ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කරන ලද අවසන් වාර්තාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අදාළ කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දෙන ලදී.අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් මෙම වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවක් විසින් සිදු කළ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇත.වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව කාරක සභා සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලීමෙන් පසු එය ඒකමතිකව අනුමත විය. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














