• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

එල් නිනෝ බලපෑම හමුවේ මුහුදු ජලය ලවණ ඉවත් කර පානීය ජලය ලබා ගැනීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

12 June 2026
in කාලගුණ, දේශීය, පුවත්
එල් නිනෝ බලපෑම හමුවේ මුහුදු ජලය  ලවණ ඉවත් කර පානීය ජලය  ලබා ගැනීමට සිදුවිය හැකි බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට අනාවැකි පළ වී ඇති එල් නිනෝ (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් රටේ ප්‍රධාන ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. මෙම තත්ත්වය අතිශය දරුණු විය හැකි බවත්, හදිසි අවස්ථාවකදී ජලය බෙදා හැරීම සඳහා දැනට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සතුව පවතින ජල බවුසර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා පෙන්වා දෙයි.මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පෙර සූදානමක වැදගත්කම අවධාරණය කරන ධර්මතිලක මහතා පවසන්නේ, පවතින ජල බවුසර් මගින් ජලය බෙදා හැරීම ප්‍රමාණවත් නොවන බවයි. ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමක් පවතින බැවින්, අනාගතයේදී මුහුදු ජලය පිරිපහදු කර ලවණ ඉවත් කිරීමේ (Desalination) ක්‍රමවේදයක් ගැන පවා සලකා බැලීමට සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පැවැත්විණි. එල් නිනෝ බලපෑම හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රයට විය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
එම අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ‘ඩිට්වා’ සුළි කුණාටුව සහ මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් මැනවින් කළමනාකරණය කළ ශ්‍රී ලංකාවට, නිසි සැලසුම්කරණය සහ කාලෝචිත ක්‍රියාමාර්ග හරහා මෙම ගෝලීය දේශගුණික අභියෝගයට ද සාර්ථකව මුහුණ දීමේ හැකියාව පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය දැනටමත් එල් නිනෝ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි ජූලි සහ අගෝස්තු මාසවලදී රට තුළ වියළි කාලගුණයක් සහ නියඟයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදුවන මෙම ගෝලීය සංසිද්ධිය නිසා සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් සහ දරුණු නියඟයක් ශ්‍රී ලංකාව වැනි රටවලට බලපෑ හැකි බව පුරෝකථනය කෙරේ.
Post Views: 17
Previous Post

මාරක රිය අනතුරු ඉහළට දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 10-15 දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි

Next Post

ජැමෙයිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 147ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved