ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 148ක ඉලක්කයක් හිමිව ඇත.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා සාර්ථක සහ වේගවත් ආරම්භයක් ලබා දුන්හ. කෙසේ වෙතත්, ඉනිමේ මැද භාගයේදී කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 147කට සීමා වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට නම්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කොදෙව් පිතිකරුවන් ලකුණු 147ක් ඇතුළත දවා ගැනීමට සිදුවනු ඇත.
















