27 April 2024
#දේශීය

පූජ්‍ය වල්ගම අරියකිත්ති ස්වාමීන් වහන්සේ පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙති

පූජ්‍ය වල්ගම අරියකිත්ති ස්වාමීන් වහන්සේ අද (22) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්හ.

පොල්ගහවෙල කණුමලේ කොට්ඨාශය නියෝජනය කළ ආර්.එම් විජේරත්න මන්ත්‍රීවරයා අභාවප්‍රාප්තවීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස පූජ්‍ය වල්ගම අරියකිත්ති ස්වාමීන් වහන්සේ දිවුරුම් දුන්හ.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය චරිත හේරත්, සමන්ප්‍රිය හේරත්, යූ.කේ.සුමිත් උඩුකුඹුර, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි, පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *