27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය ඇමැතිනි පවිත්‍රාට

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පසුගියදා 09 වනදා තේරීපත් වූවාය.

ඒ, ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේය.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස තේරී පත්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා එහි ලේකම් වශයෙන් තේරී පත්විය

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *