27 April 2024
#සංවර්ධන

ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණුවට රජය කටයුතු කරනවා -අගමැති

ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට රජය ඵලදායී ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන BMS හි නව ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වර්තමාන තාක්‍ෂණික ලෝකයේ ඩිජිටල් මධ්‍යස්ථානයක් යනු සිසුන්ට නවීන දැනුම සොයා යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සම්පතක් බව අගමැතිවරයා පැවසිය.

එහිදී අගමැතිවරයා මෙසේ අදහස් පල කලේය “ධනවත් සහ දුප්පත් රටවල් අතර ආදායම් පරතරයක් මෙන්ම ඩිජිටල් පරතරයක්ද තිබෙනවා. නමුත් එය එසේ විය යුතු නැහැ. ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මගින් මෙම භේදය තුරන් කිරීමට රජය ඵලදායී ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එය දුෂ්කර මාර්ගයක් නමුත් කළ නොහැක්කක් නොවේ. මෙම කටයුත්තේදී පෞද්ගලික අංශයද රජය සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා, අදහස්, තොරතුරු නිර්මාණය කිරීමට සහ ඩිජිටල් විසඳුම් නිර්වචනය කිරීමට, සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙන්ම මෙම විසඳුම් සහ පවතින තොරතුරු පද්ධතිය නිශ්චිත නිර්ණායකයන්ට අනුව ඇගයීමට ඩිජිටල් පද්ධති භාවිතා කළ හැකියි. මූලික වශයෙන් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් මගින් විද්වතුන්ට සහ සිසුන්ට වෘත්තීයවේදීන් ලෙස ඵලදායීව ඔවුන්ගේ සේවය ලබාදීම සඳහා අත්‍යාවශ්‍යවන තාක්ෂණික කුසලතා, සාක්ෂරතා කුසලතා සහ චින්තන ක්‍රම වර්ධනයකිරීමට අවකාශයක් නිර්මාණය කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට BMS විශ්ව විද්‍යාලයේ හිටපු සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා, BMS අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ගාමිණී සමරනායක සහ ආචාර්ය ශ්‍රියානි පීරිස්, ආචාර්ය මණ්ඩලය සහ සිසුන් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *