2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඊයේ (09) වැනිදා සිට මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් කැඳවීම විවෘත කර ඇති අතර අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස ජුනි මස 22 වැනිදා දක්වා කාලය ලබා දී ඇත.
මෙම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන සුදුසුකම්ලත් පරීක්ෂකවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic
සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) තම අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකිය.
















