ඇමෙරිකාව සහ ඉරානය අතර සූවස් ඇල ආශ්‍රිතව පැවැති අර්බුදයේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් රාජ්‍යතාන්ත්‍රික හොඳහිත පදනම් කරගනිමින්, ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10ක හදිසි මූල්‍ය පහසුකමක් (Exchange Stabilization Fund) සහ අමතර වෙළෙඳ ණය පහසුකම් ලබාගැනීමට පාකිස්ථානය දැරූ උත්සාහය ආර්ථික විද්‍යාඥයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
පාකිස්ථාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් (Muhammad Aurangzeb) මහතාගේ වොෂින්ටන් සංචාරය අතරතුර මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අභ්‍යන්තර ආර්ථික සහ බදු ප්‍රතිසංස්කරණ සිදු නොකර මෙලෙස බාහිර ණය ලබාගැනීමෙන් පාකිස්ථානයේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට විසඳුම් නොලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අමතරව චීනය සහ සවුදි අරාබිය මත පවතින අධික පරායත්තතාව අඩුකර ගැනීමට පාකිස්ථානය උත්සාහ කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් මිදීමට ඇමෙරිකාවෙන් මෙවැනි සහනයක් නොලැබෙනු ඇති බව විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














