ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මස 01 වැනි දින සිට 15 වැනි දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැඟෙනහිර, උතුර සහ උතුරුමැද නාවික විධාන මඟින් ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය සහ මන්නාරම යන මුහුදු හා වෙරළ තීරයන් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා භාවිත කළ වාණිජ පුපුරන ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් අදාළ ධීවර කාර්යාල, පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බළකා කඳවුරු වෙත භාර දී තිබේ.














