පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලිය උත්පාදනයට යම් බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස බැටරි බලශක්තිය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර, එහි පළමු අදියර යටතේ මෙගාවොට් 160ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, සැප්තම්බර් මාසයේදී මෙගාවොට් 130ක් සහ ඔක්තෝබර් මාසයේදී මෙගාවොට් 10ක් වශයෙන් එම පද්ධතිය හරහා ලබා ගැනීමට නියමිතව ඇත.
මීට අමතරව, පෞද්ගලික අංශය විසින් ඉදිකරනු ලබන මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලු සාර්ථකව විසඳා ගැනීමට හැකි වුවහොත්, තවත් මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















