ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා නියම කර තිබූ විදේශ සංචිත පිළිබඳ දර්ශක ඉලක්කය සපුරාලීමට රට අපොහොසත් වී තිබේ. දැඩි ණය වර්ධනය සහ ස්වැප් (swaps) යාන්ත්‍රණය හරහා වෙළෙඳපොළට ද්‍රවශීලතාව එක්කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
IMF කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, සිව්වන සමාලෝචනයෙන් පසු විදේශ සංචිත සඳහා මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 593 ක ඉලක්කයක් නියම කර තිබූ අතර, පසුව එය ඩොලර් මිලියන 485 දක්වා පහත හෙළන ලදී. එහෙත් ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකිවී ඇත්තේ ඩොලර් මිලියන 426 ක සංචිත ප්‍රමාණයක් පමණි. මහ බැංකුව වෙනුවට මහා භාණ්ඩාගාරය විසින් විදේශ සංචිත රැස්කිරීමේ කාර්යය භාරගත යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














