වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි අදාළ උත්සව ශාලාව වෙත මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර, වෙඩික්කරු පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය පසුව ජාඇල ප්‍රදේශයේ අත්හැර දමා තිබියදී සොයාගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














