මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට අත්කරගෙන ඇති ප්‍රගතිය මෙන්ම එහි ප්‍රතිලාභ ජනතාව වෙත බෙදී යන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එමෙන්ම රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දැනුම, අත්දැකීම් සහ දායකත්වය ලබාගැනීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.
2027–2029 වර්ෂ සඳහා වන රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
මීට අමතරව, Advance Personal Income Tax (APIT) සම්බන්ධයෙන්ද බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් විසින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සතු දැනුම සහ අත්දැකීම් රටේ ආර්ථික ස්ථාවරත්වය හා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා ඵලදායී ලෙස යොදාගැනීමේ වැදගත්කමද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.
















