2030 වන විට වසරකට සංචාරකයින් මිලියන 4ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක සංචාරක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ “Digital Agenda and Artificial Intelligence to Redesign Tourism” යන තේමාව යටතේ පැවති 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමිනි. සංචාරක ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් සිතියම්කරණය, Virtual Reality සහ Digital Storytelling වැනි නව තාක්ෂණික ක්‍රම සංචාරක ක්ෂේත්‍රයට එක් කිරීම කෙරෙහිද එහිදී අවධානය යොමු කර තිබේ.
SLTDA නිල දත්ත අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,362,521ක් පැමිණ ඇති අතර, එම වසරේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,219ක් ලෙස වාර්තා වී තිබේ. 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා සංචාරක පැමිණීම් 1,535,122ක් ලෙස SLTDA වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ සංචාරක ප්‍රවර්ධනය සඳහා 2026 අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ජාත්‍යන්තර ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු ශක්තිමත් කිරීමටත්, පරිසර හිතකාමී සහ සංස්කෘතික උරුමය මත පදනම් වූ සංචාරක ව්‍යාපෘති දියුණු කිරීමටත් අවධානය යොමු කර ඇති බවයි.
එමෙන්ම පාසල් මට්ටමේ Tourism Clubs සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සංචාරක ක්ෂේත්‍රය තරුණ පරපුර සඳහා වෘත්තීය අවස්ථාවක් ලෙස හඳුන්වාදීමටද කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.















