බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත පන්දුවාර වේගය (Over-rate) පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.
තරග තීරක රිචී රිචඩ්සන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර තිබූ බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පැනවූ අතර, ක්‍රීඩකයන්ට ද තරග ගාස්තුවෙන් 5%ක දඩයක් නියම කර ඇත. ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් වරද පිළිගෙන ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය නොවන බව ICCය සඳහන් කරයි.
පසුගිය 3 වැනිදා ජැමෙයිකාවේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.
















