මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, ධීවර ප්‍රජාව වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විශේෂ හදිසි අනතුරු ඇඟවීමක් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ තද සුළං පිළිබඳ අවදානම් නිවේදනයක් පදනම් කරගනිමින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
අදාළ මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 (70 km/h) දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු වීමේ වැඩි හැකියාවක් පවතී. පවතින තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, එම ප්‍රදේශවලින් මුහුදු යන එක්දින සහ කුඩා යාත්‍රා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැඩි ලෙස අවවාද කර ඇත. මීට අමතරව, වෙනත් ප්‍රදේශවලින් මුහුදු යන ධීවර යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති මෙම අවදානම් කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදීමට දැඩිව වගබලා ගත යුතුය.














