ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2026 ජූලි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 133කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු සංඛ්‍යාලේඛන මඟින් අනාවරණය කර තිබේ.
ඒ අනුව 2026 ජූනි මාසය අවසානයේ ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වූ විදෙස් සංචිතය, ජූලි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,591ක් දක්වා 2.1%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. නිල සංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඩොලර් මිලියන 6,263 සිට ඩොලර් මිලියන 6,359ක් දක්වා ඩොලර් මිලියන 96කින් (1..5%) ඉහළ ගොස් තිබේ.
මීට පෙර 2026 පෙබරවාරි මාසයේදී මහ බැංකු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.2ක් ලෙස වාර්තා වෙමින් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය නමුත්, අප්‍රේල් මාසයේදී එම අගය යළි අඩුවී මැයි මාසයේදී සුළු වර්ධනයක් පෙන්නුම් කළද ජූනි මාසයේදී ඩොලර් මිලියන 6,458ක් දක්වා පහත වැටී තිබිණි.














