මාතර දිස්ත්රික්කයේ අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සඳහා සංගීත භාණ්ඩ බෙදාදීම, ස්වයං රැකියාවල නිරතවන්නන්ට අවශ්ය උපකරණ ලබාදීම සහ ධීවර ප්රජාවට ජීවිතාරක්ෂක කබා බෙදාදීම පසුගිය 20 වැනිදා සිදු කර තිබේ.
අතුරලිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී පැවති මෙම වැඩසටහන යටතේ ස්වයං රැකියාකරුවන්ට උපකරණ ලබාදීම “ප්රජා ශක්ති” වැඩසටහනට සමගාමීව සිදු කර ඇත.
මෙම වැඩසටහන මඟින් පාසල් සිසුන්ගේ සංගීත කුසලතා වර්ධනයට, ස්වයං රැකියාවල නිරතවන්නන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට සහ ධීවර ප්රජාවේ ආරක්ෂාව ඉහළ නැංවීමට දායක වීම අපේක්ෂා කෙරේ.













