• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම්

15 May 2026
in දේශීය, පුවත්
මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට  දැඩි බලපෑම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ජන ජීවිතයට සහ ප්‍රවාහන කටයුතුවලට ඉන් දැඩි බාධා පැමිණ තිබේ. රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, කළුතර, කොළඹ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 3,475 දෙනකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 83 දෙනකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටී.
මධ්‍යම කඳුකරයට ලැබෙන තද වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතී. රාජාංගණය, ලුණුගම්වෙහෙර, දැදුරුඔය, අලිකොටආර සහ වෙහෙරගල ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර තවත් ප්‍රධාන හා මධ්‍යම පරිමාණ ජලාශ 36ක් පමණ මේ වන විට වාන් දමමින් පවතී. කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් වැසියන් දැඩි අවධානයෙන් සිටිය යුතුය. කෙසේ වෙතත් මහවැලි ජලාශවල ජල මට්ටම් තවමත් පවතිනුයේ අඩු අවදානම් මට්ටමක බව බලධාරීන් පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21කට විශේෂ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින ආපදා තත්ත්වය හමුවේ මහනුවර – තලාතුඔය මාර්ගයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම සහ නායයෑමේ අවදානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. මන්නාරම සිට මැදවච්චිය දක්වාත් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට අඹේවෙල දක්වාත් දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ.
ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගොස් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කළද එතෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි අතර රළ උස ද ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
Post Views: 0
Previous Post

වීදියගොඩ ආයුර්වේද රෝහලට රුපියල් ලක්ෂ 2500ක නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

Next Post

Google I/O සමුළුවේදී නව Gemini මාදිලියක් එළිදැක්වීමට සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Google I/O සමුළුවේදී  නව Gemini මාදිලියක් එළිදැක්වීමට  සූදානම් වෙයි

Google I/O සමුළුවේදී නව Gemini මාදිලියක් එළිදැක්වීමට සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක්  විකුණන්න හැදූ හිටපු  හමුදා සෙබළුන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න හැදූ හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

15 May 2026
ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අද අවසන්  නව සාමාජිකයන් පත් කරන තෙක්  වත්මන් කණ්ඩායම සේවයේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අද අවසන් නව සාමාජිකයන් පත් කරන තෙක් වත්මන් කණ්ඩායම සේවයේ

15 May 2026
ඇමරිකාවේ ඩොලර් මිලියන 100ක  ආධාර යෝජනාව  කියුබාව සමාලෝචනය කරයි

ඇමරිකාවේ ඩොලර් මිලියන 100ක ආධාර යෝජනාව කියුබාව සමාලෝචනය කරයි

15 May 2026
පුත්තලම රෝහලේ  ආපදා තත්ත්වය පාලනයට  යුද හමුදාව එක්වෙයි

පුත්තලම රෝහලේ ආපදා තත්ත්වය පාලනයට යුද හමුදාව එක්වෙයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක්  විකුණන්න හැදූ හිටපු  හමුදා සෙබළුන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න හැදූ හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

15 May 2026
ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අද අවසන්  නව සාමාජිකයන් පත් කරන තෙක්  වත්මන් කණ්ඩායම සේවයේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අද අවසන් නව සාමාජිකයන් පත් කරන තෙක් වත්මන් කණ්ඩායම සේවයේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved