2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්රී ලංකාවට ලැබුණු විදෙස් ශ්රමික ප්රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6,865.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකු දත්ත උපුටා දක්වන වාර්තාවට අනුව, එය 2025 වසරේ අදාළ මාස නවය තුළ ලැබුණු ඩොලර් මිලියන 5,811.7ට සාපේක්ෂව ඩොලර් මිලියන 1,053.7ක වැඩිවීමකි. එය සියයට 18.1ක පමණ වර්ධනයකි.
මේ අතර, 2026 සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරටට ලැබුණු විදෙස් ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 734.4කි. 2025 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 695.7ක් ලෙස වාර්තා වී තිබිණි.
විදෙස් ශ්රමිකයන් මෙරටට එවන මුදල් ශ්රී ලංකාවේ විදේශ විනිමය ලැබීම් සඳහා වැදගත් දායකත්වයක් සපයයි.














