මෙම වසරේ (2026) පළමු මාස හය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රුපියල් කෝටි 152,000ක (ඇමරිකානු ඩොලර් මිලියන 4,608.8ක) විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව මඟින් පෙන්වා දෙනවා.
පසුගිය 2025 වසරේ අනුරූප කාලය තුළ මෙරටට ලැබී තිබුණේ රුපියල් කෝටි 123,000ක (ඇමරිකානු ඩොලර් මිලියන 3,738.0ක) මුදලක් වන අතර, එය 23.2%ක කැපී පෙනෙන ඉහළ යාමකි. මීට අමතරව, මේ වසරේ ජූනි මාසයේදී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 695ක් ලැබී ඇති අතර, එය 2025 වසරේ ජූනි මාසයට (ඩොලර් මිලියන 635.7) සාපේක්ෂව 9.3%ක වැඩිවීමකි.














