ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (04) දින අලුයම විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසනවා.ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉදිරියටත් දැඩි වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් ඉතා සැලකිලිමත් ලෙස පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැඩි ලෙස ඉල්ලා සිටියි. පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවල ජල ධාරිතාව ද මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.














