නිදහස් චතුරශ්‍රය අසලදී පොලිසිය විසින් ඉවත් කරන අවස්ථාවේදී, තැන්පතුකරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් සංජය මහවත්ත විසින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ. “කුමන බාධක ආවත් ඔබගේ තැන්පතු මුදල් නැවත ලබා ගන්නා තුරු මහබැංකුවට එරෙහිව මා ඔබ වෙනුවෙන් පෙනී සිටිමි” යනුවෙන් ඔහු එම සටහන තබා ඇති අතර, එම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














