2026 වසරේ පළමු මාස හය තුළ ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,168ක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මීට අමතරව, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල සහ ඉන්ධන ආනයන පිරිවැය කෙරෙහි ඇති වී තිබෙන බලපෑම පිළිබඳවත් මෙහිදී ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.














