දිවයින පුරා කිසිදු ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පුවත්පතක් වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි සඳහන් කර ඇත්තේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් නිසි වේලාවට ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක පමණක් පෝලිම් හටගෙන ඇති බවයි.
එමෙන්ම, ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමාන කොමිස් සූත්‍රය සකස් කිරීමේදී මධ්‍යම කඳුකරය සහ දකුණු පළාත සඳහා වන ප්‍රවාහන කොමිස් ගාස්තු නිසි ලෙස සලකා බලා නොමැති බැවින්, පවතින කොමිස් සූත්‍රයේ කඩිනම් සංශෝධනයක් සිදුකළ යුතු බවයි.














