රත්නපුර සිල්වර් රේ හෝටලයේදී අද (02) පැවැත්වුණු “Sri Lanka Gem and Jewellery Research Symposium 2026” පර්යේෂණ සම්මන්ත්‍රණයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අනාගත දැක්ම පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ
අප රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සතුව කෙටි කාලීනව ඩොලර් බිලියන 3 ඉක්මවූ දැවැන්ත අපනයන විභවයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය වසර දෙකක ප්‍රධානතම අරමුණ වූයේ පතල් කැනීමේ සිට ඔප දැමීම, වෙළඳාම, විශ්වවිද්‍යාල පද්ධතිය සහ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රය දක්වා විසිරී තිබුණු සමස්ත වටිනාකම් දාමය (Value Chain) එකම වේදිකාවකට ඒකාබද්ධ කිරීම බව අවධාරණය කළේය. නිදහස් ව්‍යවසායකත්වයට තිබූ බාධා ඉවත් කරමින්, මැණික් ඔපදැමීම සහ අමු මැණික් (Rough Gems) ලබා ගැනීම සඳහා තිබූ නීතිමය හා මූල්‍ය බාධක විසඳීම හරහා මේ වන විටත් මෙම වසර තුළ ඩොලර් මිලියන 236ක අපනයන ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ.
මීට අමතරව, රත්නපුර ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කරමින් ලෝකයේ ප්‍රධානතම මැණික් වෙළඳ සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන එකම වහලක් යටට ගෙන එමින් දැවැන්ත මැණික් හා ස්වර්ණාභරණ නිවහනක් ඉදිකිරීමට අවසර ලබා දී ඇති බවද මෙහිදී ප්‍රකාශ විය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න, අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර, ආචාර්ය රිචඩ් ඩබ්ලිව්. හියුස් (Dr. Richard W. Hughes) ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින් රැසක් එක්ව සිටියහ.














