රටේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා රජය කටයුතු කරමින් සිටින අතර, පරිත්‍යාගශීලීන්ට ඒ සඳහා දායක විය හැකි බොහෝ අවස්ථා පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිවන අංගසම්පූර්ණ සිව් මහල් පිළිකා නිවාරණ ඒකකයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝම්බුවල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකෙරෙන අතර, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අද වන විට රටේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ බෝ නොවන රෝග වන අතර, හඳුනා ගන්නා රෝගීන්ගෙන් 83%ක්ම බෝ නොවන රෝගීන් බවයි.
රජයේ ක්‍රමවේදය අනුව මෙවැනි ඒකකයක් ඉදි කිරීමට වැඩි කාලයක් ගත වන බැවින්, වාසනා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දයානන්ද බෝම්බුවල මහතා කළ මෙම සත්ක්‍රියාව බොහෝ සේ අගය කරන බව ඔහු සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා කිරිවෙහෙර විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මානන්ද නාහිමි, කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මධුභාෂිනී කරුණාරත්න ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














