දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැවැන්ත ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාලයේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක (USD 1 Million) හදිසි මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම සහනාධාරය ලබාදෙන අතර, නේපාලයේ සිදුවූ ජීවිත හානි සහ පීඩාවන් පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සංවේගය පළ කර ඇත. මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ අමාත්‍යවරයා සමඟ දුරකථනයෙන් සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය පළ කර ඇති අතර, ඉදිරියේදීත් අවශ්‍ය සහාය ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
















