අද (14) ශ්රී ලංකාවේ රන් මිල ගණන් අනුව කැරට් 24 රන් ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 366,005ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 390,065ක් ලෙස වාර්තා වී තිබේ.
කැරට් 22 රන් ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 335,306ක් වන අතර විකුණුම් මිල රුපියල් 357,260කි.
එමෙන්ම කැරට් 21 රන් ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 320,200ක් වන අතර විකුණුම් මිල රුපියල් 341,250ක් ලෙස දැක්වේ.
කැරට් 18 රන් ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 274,585ක් වන අතර විකුණුම් මිල රුපියල් 292,510ක් ලෙස වාර්තා වී ඇත.
කෙසේ වෙතත් රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය වන බැවින් රන් භාණ්ඩ මිලදී ගැනීමට පෙර වෙළෙඳපොළේ පවතින නවතම මිල ගණන් පරීක්ෂා කිරීම සුදුසුය.













