කෘෂිකර්මාන්තයේ පවතින ගැටලු රැසකට පසුගිය වසර දෙකක කාලය තුළ ස්ථිරසාර විසඳුම් ලබාදීමට වත්මන් රජය සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කංචන වැලිපිටිය මහතා පවසයි. ඉදිරියටත් එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්රියාත්මක කිරීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.
ජාත්යන්තර පොහොර දිනය නිමිත්තෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය සංවිධානය කරන ප්රදර්ශනයක් ඊයේ (13) සහ අද (14) දෙහිඕවිට ප්රාදේශීය සභා ක්රීඩාංගණයේදී පැවැත්වේ.
එම ප්රදර්ශනයට එක්වෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්රී නන්දන මිල්ලගල මහතා සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්ය අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ප්රදර්ශනයට පැමිණෙන ගොවීන්ට නොමිලේ පස් පරීක්ෂා කරවාගෙන තම වගාවන් සඳහා අවශ්ය පොහොර නිර්දේශ ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බව සංවිධායකයෝ සඳහන් කරති.


















