ගිරිතලේ වනජීවී පශු වෛද්ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් කවුඩුල්ල ජාතික උද්යානය තුළ අසීරු මෙහෙයුමක් දියත් කරමින් වන අලියාට සහ තුවාල ලැබූ ඇතින්නට ප්රතිකාර කර තිබේ.
හොඬවැලේ මාළු දැලක නූලක් පැටලීම නිසා හුස්ම ගැනීමට හා ආහාර ගැනීමට අපහසුතාවෙන් පෙළුණු වයස අවුරුදු 30ක් පමණ, උස අඩි 7.5ක් පමණ වූ ගැහැණු වන අලියාටත්, වම් පස කම්මුලට වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි ඇතින්නටත් මෙලෙස ප්රතිකාර ලබාදී ඇත. වනජීවී නිලධාරීන්ගේ කාලෝචිත මැදිහත්වීම මත මෙම වන සතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවශ්ය වෛද්ය ප්රතිකාර කඩිනමින් ක්රියාත්මක කර තිබේ.


















