මෙම වසර අවසානය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගනුදෙනු නිවසේ සිටම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවත්, ඒ සඳහා මෙරට රාජ්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට සමීප සේවාවක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ඔහු පෙන්වා දුන්නේය. තාක්ෂණය භාවිත කරමින් දූෂණය සහ ප්‍රමාදය අවම කරමින්, ජනතාවට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි පරිසරයක් මේ හරහා නිර්මාණය වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතන රැසක සේවාවන් ඒකාබද්ධ පද්ධතියක් හරහා ජනතාව වෙත විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි.














