වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද, වත්මන් රජය යටතේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ ගමන් මාවත තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ට වී තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.















