නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදාගනිමින් කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ ආර්ථික ප්‍රතිලාභ ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මේ සඳහා ස්මාර්ට් සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්‍රමවේද ප්‍රවර්ධනය කරමින් සිටී.
කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය එක් කිරීම සම්බන්ධයෙන් චීනය සමඟද සාකච්ඡා පවත්වා ඇති අතර, පස සහ ආර්ද්‍රතාව ඇතුළු වගා තත්ත්ව නිරීක්ෂණය කිරීමට ජංගම තාක්ෂණය භාවිත කිරීම සහ හරිතාගාර වගාව වැනි ක්ෂේත්‍රවල තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවධානය යොමු කර ඇත.
තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩසටහන්ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, තාක්ෂණය සහ නවෝත්පාදනය සමඟ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම එම වැඩසටහන්වල අරමුණු අතර වේ.














