ස්වීඩනයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Volvo Cars සමාගම 2030 වසර වනවිට නව මෝටර් රථ මාදිලි 13ක් වෙළෙඳපොළට හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. වෙළෙඳපොළ පුළුල් කරමින් අලෙවිය යළි ඉහළ නැංවීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව චීන වෙළෙඳපොළ සඳහා නව මාදිලි 6ක් සහ බටහිර වෙළෙඳපොළ සඳහා නව මාදිලි 7ක් හඳුන්වාදීමට නියමිත බව සඳහන්. බටහිර වෙළෙඳපොළ සඳහා වන මාදිලි SPA2 සහ SPA3 තාක්ෂණික වේදිකා මත නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
චීන වෙළෙඳපොළ සඳහා වන මෝටර් රථ මාදිලි Volvo සමාගමේ සහෝදර සමාගමක් වන Geely Auto සමඟ එක්ව සංවර්ධනය කිරීමට නියමිතයි. ප්‍රධාන විධායක නිලධාරී Hakan Samuelsson යටතේ එක් එක් කලාපයට ගැළපෙන මෝටර් රථ හඳුන්වාදීම කෙරෙහි සමාගම වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.














