මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබේ.
මන්නාරම යනු ස්වභාවික සම්පත්වලින් අතිශයින් පොහොසත් ප්‍රදේශයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට අමතරව ලුණු ඇතුළු විවිධ ඛනිජ සම්පත් ද එම ප්‍රදේශයේ බහුලව පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.
















