දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියට අනාවරණය නොවී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන ගිය, දියවිද්දාගම පදිංචි ‘වස්තු’ නමැත්තා ඇතුළු පිය-පුතු දෙපළක් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශවාසීන්ට මහත් හිසරදයක්ව පැවති මෙම ජාවාරම පිළිබඳව ලැබුණු රහසිගත තොරතුරක් මත දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් සුවිශේෂී වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සම්බන්ධයෙන් සාර්ථක වැටලීම් 8ක් සිදු කිරීමට පොලිස් නිලධාරීහු සමත්වූහ. එම වැටලීම් අතරතුරදී නීති විරෝධී ලෙස කොටු කැපීමේ ජාවාරමේ නිරත වූ කාන්තාවක්ද අත්අඩංගුවට පත්ව ඇත.
දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතාගේ මෙහෙයවීමෙන් සහ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක දුලංජන, පොලිස් සැරයන් (74568) රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන (90401) හර්ෂ, (97353) බස්නායක සහ (15841) කුමාර, කාන්තා පොලිස් සැරයන් (2801) සුජානි යන නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බට (M-29553) රණතුංග යන මහත්වරුන් මෙම වැටලීමට දායක වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සිදු කරයි.
















