2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (2) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පවත්වා ඇති අතර, ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සමස්ත සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇත.













