මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත අද (02) දහවල් සිදු කළ සෝදිසි කිරීමකදී අකුරණ, බලික්කඩ ප්‍රදේශයේ කැලෑවක තිබී T56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.
මාස දෙකකට ආසන්න කාලයක් තුළ මෙම ගිනි අවිය මෙම ප්‍රදේශයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරන අතර, මෙම ගිනි අවිය යම් අපරාධයක් සඳහා යොදාගත් එකක් ද යන්න පිළිබඳ සහ මෙය මෙම ප්‍රදේශයට ගෙනත් දැමීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය මඟින් සිදු කරනු ලබයි.













